සමා වෙලා හදා ගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න
____________
එදා උඹ පොඩි කෙල්ලෙක්. මගෙ හිත බැඳුනෙ උඹේ හුරතල් හිනාවට. ඒ හිනාව දිගටම තියෙන විදිහට රකින්නයි මට ඕන උනේ. ඒත් උඹ මට වඩා ගොඩක් බාලයි. මම රස්සාවක් කරනකොට උඹ තාම ඕලෙවල් ලියනව. කමක් නෑ කෙල්ලෙ ආදරේට වයස සීමාවක් නෑ.
ඔය අතරෙ තමා උඹේ තාත්ත කොස් ගෙඩියක් කඩන්න ගිහිල්ල ගහෙන් වැටිල නැති උනේ. එදා ඉදන් උඹලට බොහොම අමාරැ කාලයක් උදා උනේ. දැන් උඹව බලා ගන්න ඉන්නෙ අම්ම විතරයි. අම්මත් බොහොම අසනීපයි. ඒත් උඹට උගන්නන්න ඕන හින්ද ලණු අඹරන රස්සාවක් කරන්න ගත්ත. ඒක කරන්නත් බෑ කොන්දෙ අමාරැව හැදිල.
උඹ මට ගෙදර ප්‍රශ්න ගැන හැම වෙලේම කියෙව්ව. මමත් පොඩි රස්සාවක් කරන හින්ද අතේ මිටේ කීයක් හරි ඉතුරැ වෙලා තියනව. ඉතිං මං උඹට පුළුවන් විදිහට සල්ලි දුන්න. මෙච්චර සල්ලි කොහෙන්ද කියල උඹේ අම්ම අහනකොට ඇයි නංගි මම දුන්න කියල කිව්වෙ. උඹේ අම්මා කියන කතාව ඇත්ත මම ටිකක් බොනව තමා. එත් මගේ හිත හොඳයි කියල උඹලගෙ අම්ම දන්නෙ නෑ. උඹලගෙ අම්ම හිතාගෙන ඉන්නෙ පොඩ්ඩක් බිව්වාම මං සල්ලාලයෙක් කියල. මං දූෂකයෙක් කියල. ඒත් උඹ දන්නව නංගි මං එහෙම නෑ කියල. ඒත් උඹට බැරි උනා අම්මට ඒක තේරැම් කරල දෙන්න. ඒකට කමක් නෑ නංගි මං උඹට හැමදාම ආදරෙයි. ඒත් ගමේ පැතිරෙන කට කතා හින්ද මං උඹට ලං වෙන එක නැවැත්තුව. ගමේ එවුන් කියන්නෙ මං උඹේ ලස්සනින් අයුතු ප්‍රෙයා්ජන ගන්නව කියල. ඒත් උඹ දන්නව මම එහෙම නෑ කියල.
කොහොම හරි උඹ ඕලෙවල් විභාගෙත් ලිව්ව. ඒ ලියල අන්තිම දවසෙ තමා උඹලගෙ ගෙදරට කණ කොකා හැඬලුවෙ. මහ රෑ පොල් ගෙඩියක් ලෙලි ගහන්න ගිය උඹේ අම්ම පොළඟෙක් ගහල අවසන් ගමන් ගියා. උඹලගෙ අම්මගෙ අවසන් කටයුතු ඉවර වෙලා හත් දවසෙ දානෙ දෙන දවස වෙනකන් මං නිදි මැරැව. හැම වැඩක්ම කලා. උඹ එදා ඇවිල්ල අයිය ගිහිල්ල නිදා ගන්න වැඩකරන්න තව කට්ටිය ඉන්නව කිව්ව. ඒත් මට මදි මං හිතුවෙ මේ අපේ ගෙදර කියල. ඒකයි මං හැම වැඩක්ම හොයල බලල කරේ. කොහොම හරි හත් දවසෙ දානෙත් දුන්න. දැන් වැඩ කටයුතු සේරම ඉවරයි. එදා අන්තිම දවසෙ රෑ මම නිදා ගත්තෙ උඹලගෙ ගෙදර. එදා කව්රැවත්ම ගෙදර හිටියෙ නෑ. උඹයි මමයි විතරයි ගෙදර හිටියෙ. එත් උඹ වෙන පැදුරක මම වෙන පැදුරැ කඩමල්ලක. මම දැක්ක උඹ දුහුල් රෙද්දක් අැඳගෙන නිදා ගන්නව. ඒත් ඔයා තාම පොඩි කෙල්ලෙක්. මගෙ හිතට විවිද හැඟීම් ආව ඒත් මං ඒව සේරම යටපත් කර ගත්ත. හෝරාවකින් උදෑසන දවස උදා උනා. මම නැගිටිනකොටම ඔයත් නැගිටල දොර ඇරිය.
අහෝ පුදුමයකි. පෙර දින මම උඹේ ගෙදර රාත්‍රිය පහන් කරන බව දැනගත් ගැමියන් පිරිසක් උඹලගෙ ගේ ඉස්සරහ. උන් හිතන්නෙ මම උඹත් එක්ක සංවාසයේ යෙදුන කියල. එත් නංගි අපි දෙන්නගෙ හිත දන්නව මොනවද උනේ කියල. ඒත් එක්කම තමා මට පණිවිඩයක් ආවෙ ම වැඩ කරන තැනින්. ඒ ලොක්කත් එක්ක සතියකට පිට යන්න වෙනව කියල. මම නංගිට ඒ බව කියල පිටත් උනා. මම සතියක් ගොඩක් දුක් විඳල නැවත ගමට ආවෙ නංගිව බලන්න හිතාගෙන. ඒත් නංගි හිටපු පොල්අතු ගේ හොයාගන්නවත් නෑ. මම ගොඩක් කලබල උනා. ගමේ උන්දැලගෙන් අහපුවාම උන් මට එරෙව්ව එක විතරයි කලේ. ඔය අතරෙ තමා මට මගෙ කුඩා කාලෙ ඉඳන් යාළුවෙක් හම්බ උනේ. ඌ මට සේරම විස්තරේ කිව්ව.
උඹ ගිහිල්ල දවස් තුනකින් අර කෙල්ල උදේම වමනෙ දාල. ගම්මු ඒක දැකල කෙල්ලට හොඳටම බැනල. ඒකි හොඳටම ඇඩුවලු. ගමේ තවත් කුපිත වෙච්ච පිරිසක් ඒ කෙල්ලව ගමෙන් පැන්නුවලු. පන්නල ගේ ගිණි තිබ්බලු. ඒත් පස්සෙ තමා දැනගත්තෙ මචං ඒ කෙල්ල වමනෙ දාන්න කලින් දවසෙ කාපු බත් එකට භූමිකෙල් වැටිල කියල. ඒකයි ඒකිටවමනෙ ගිහිල්ල තිබ්බෙ. ඒත් ඒව දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. එතකොට කෙල්ල කොහෙ ගියාද කියල කව්රැත් දන්නෙ නෑ.
එය කියනවාත් සමග මගේ ඇසේ කඳුලු වැටුනේ මටත් නොදැනීමයි. මම පිස්සෙක් වගේ හැසිරැනේ. මම හැම තැනම උඹව හෙව්ව ඒත් හම්බ උනේ නෑ. දවස් ගනන්, සති ගනන්, මාස ගනන් ගත උනා.
අවුරැදු එකහමාරකට විතර පස්සෙ මම වැඩ කරන තැන වෙනස් වෙලා දුර පලාතකට ගියා. බොහොම දුෂ්කර පලාතක්. දවසක් දා මම වැඩ කරන ගමන් බොහොම සුන්දර දර්ශනයක් දැක්ක. ඒ භික්ෂුනීන් වහන්සේලා පිඩුසිඟා වඩිනව. මමත් මගෙ දවල් කෑම ඒක අරන් ගිහිල්ල පිටිම පස්සෙ මෙහෙනින් වහන්සේට දීල වැන්ඳ.
" සුවපත් වේවා! "
එම වදන සාමාන්‍ය වුවත් ඒ කට හඬ මට හොදට පුරැදුයි. ඇය භික්ෂුනියක් වුවත් මම කෙලින්ම බැලුවෙ ඇස් දෙක දිහා. ඒ ඇස් හොඳට පුරැදුයි. ඔව් ඒ මම පෙම් බැන්ද නංගි. ඇය දැන් භික්ෂුනියක්. ඇය බිම බලාගෙන නැවත සක්මන් ගමනින් වැඩියේ මගේ සිතට කඳුලක් මෙන්ම සිනහවක් සමග සතුටක්ද එක් කරමින්.
_____
සුමා
______
සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
ඔබේ සිතට පිටු පලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි උනා කසාවත මට
කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

No comments:
Post a Comment