Search This Blog and Other Bolg

Tuesday, February 9, 2016

ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 03



ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 03
_____________
එසේ ලේ ගලන්නේ කුමක් නිසාදැයි අවබොද වීමට මහ වෙලාවක් ගියේ නෑ. අනිවාරයෙන්ම අර කෙල්ලගෙ යක්ෂ ඇඟිලි වලට හීරිල වෙන්ඩ ඕනෙ. මේ මහ රෑ බෙහෙත් දාගන්න තැනැක්වත් නෑ. මොනව කරන්නද කඩෙන් ඩෙටොල් ප්ලාස්ටර් 2ක් අරන් ගිහිල්ල ගහගත්ත.
පහුවදා උදේම බෙහෙත් ටිකක් දාගන්න යන්න හිතුවත් උදේ බලනකොට පුංචි සීරීම් ටිකක් විතරයි තිබුනෙ. ආපහු කඩෙන් ප්ලාස්ටර් දෙකක් අරන් ගහගත්ත. අර යක්ෂ කෙල්ලට උදේ එන්න පොරොන්දු උන හින්ද ගියා ගේ ගාවටම. නිකම්ම නෙවේ ගියේ. මෙච්චර සල්ලි තියන කෙල්ලෙක් මොන එකකට මට පව් දෙන්න එනව කියනවද මංද තමන්ගෙ වාහනේක යන්නෙ නැතුව. කියල හිතන ගමන්.
හරියටම 8.30ට ගේට්ටුව ගාවට ආපු මම හොන් එක උඩ ඉඳගත්ත වගේ හොන් ගැහුවෙ හිතේ තියන ආවෙගෙත් එක්ක.
එත් එක්කම ගේට්ටුව අරින සද්දෙ ඇහුන. මම ඒ පැත්ත බලන්නෙවත් නැතව ඉස්සරහම ඉලාගෙන හිටියෙ අර යක්ෂ කෙල්ල වීල් එකට නගිනකන්ම. මේ කෙල්ල මගෙ ලඟට ඇවිල්ල
අයිය වෙලාවටම වැඩ නේද?
තොගෙ අම්මට නැගපන් ගෑණියෙ වාහනේට කියන්නට වගේ සැරසෙනවාත් සමගම නිකමට වගේ ඇයගෙ මූණ බැලුව.
අහෝ... මගේ හදවත නැවතුනාද නැතිනම් අකුණක් වැදුනද කියල හිතාගන්න බැරැව ගියා. මං මේ දකින්නෙ හිංදි නිළියක්වත්ද? නැවතත් ඇස් දෙක පොඩ්ඩක් පිසදා ගත් මම ඇය දෙස විනාඩියක් පමණ බලන් සිටියේ සිහි මද ගතියෙන් යුක්තවයි. ඇය නැතවත් හඬ අවදි කලාය.
මොකෝ අයියෙ කන්න වගේ බලන් ඉන්නෙ? අපි යන්ද?
හා හා මිස් වඩින්න.
ඈහ් වඩින්න. මම දෙවි කෙනෙක් කියල හිතුවද
ඇත්තටම මට වචන පැටලුනා
උඹ මිහිපිට දෙවෙි කෙනෙක් වගේ ලස්සනයි කෙල්ලෙ කියන්නට සිතුනත්
නෑ මිස් මට වැරදුනා.
හා හා කමක් නෑ ඉක්මනට යමු. අද වෙඩින් එකකට අන්දන්නත් තියනව.
හරි මිස්
ඒක නෙවේ අයියෙ මොකද ඔය බෙල්ල තුවාල වෙලා.
එසේ ඇහුවෙ ඇය හිනා වෙන ගමන්
පොඩ්ඩක් සීරිල මිස්.
පොඩ්ඩක් සීරිල?
ඔව් මිස්
බොරැ කියන්න එපා හලෝ
ඇයි මිස්
ඊයෙ මම බෙල්ලෙන් අල්ලපු වෙලේ සීරැනා නේද? මමත් ගෙදර ගිහිල්ල බලනකොට ඇඟිලි වල ලේ.. ඔයාට ගොඩක් රිදුනද?
නෑ මිස් ඒක ප්‍රශ්නයක් නෑ..
හ්ම හ්ම මං බය උනා ඔයාට ගොඩක් අමාරැ වෙන්න ඇති කියල.
විනාඩි 10කට පමණ පසු බියුටි සැලෝන් එක තියන තැනට ආව. කෙල්ල වීල් එකෙන් බැහැල
කීයද ගාන
වෙනද වගේම තමා 150
ඇය රැපියල් 200ක් දුන්න.
මගෙ ලඟ මාරැ නැනෙ මිස්.
හරි ඒකට කමක් නෑ රෑට ගමුකො. අද මං ඕෆ් වෙනකොට 10 විතර වෙයි. අද රෑ වෙඩින් එකකට අන්දන්නත් තියනව. ඔයා එනවද මාව එක්කගෙන යන්න.
ඇය සිනාසෙමින් එසේ අසන විට කියන්නේ කුමක්දැයි වැටහුනේ නැතත් මමත් සිනහවක් සමග ඔළුව වනා හයර් එක බාර ගත්ත. ඇය නැවතත් සිනහවකින් සංග්‍රහ කොට සැලුන් එක වෙත පිය නැගූ හැටි මං ඇසිය නොහෙලා බලාගෙන හිටිය.
ඇය මාව හඳුනාගෙන දවස් දෙකක්වත් නොමැති වුවත් අය කතා කරන්නෙ හොඳම යහළුවෙකු සමග කතා කරන අන්දමටයි. මෙච්චර පෝසත් කෙල්ලෙක් මාත් එක්ක මෙහෙම කතා කරනවද කියල මට හිතාගන්නත් අමාරැයි.
____
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 04 කොටසින් හමු වෙමු.
________
සුමා෴
පල්ලෙහා තියන ලින්ක් එකට ගිහිල්ල ලයික් එකක් දාල ෂෙයා කරල පොඩි සහයෝගෙකුත් දෙන්න
www.facebook.com/sumuditha.kavishan.page


Monday, February 8, 2016

චූටි පුතේ උඹට දැනෙන දේ මහ එවුන්ට නොදැනෙන්නේ ඇයි මට නොදැනේ

පුංචි පුතේ
මේ උඹ ජීවත්වන සමාජය තමයි
තාම උඹ පොඩි වැඩියි පුතේ
ඕව තේරැම් ගන්න
උඹට ඕව තේරෙන කාලෙට
උඹ ලොකු මිනිහෙක් වෙලා ඉඳියි
එදාටවත් තේරැම් ගනින් පුතේ
සමාජෙට හොඳ පණිවිඩයක් දෙන්න.
තමන්ගෙ දිව තත්පර කිහිපයකට
සතුටු කරන්න
අහිංසක කොල කන සතෙක්
ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනෙද?

චූටි පුතේ
උඹට දැනෙන දේ
මහ එවුන්ට නොදැනෙන්නේ
ඇයි මට නොදැනේ
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 02
___________
ඇත්තටම ඒ බෙල්ලෙන් අල්ලා ගත්තේ ඇයි දැයි සිතනවා වෙනුවට මම දඩෝං ගා බ්රේක් එක පෑගුවේ ඈගෙ නියපොතු වලින් මගෙ බෙල්ල ආරක්ෂා කරගැනීමටයි. 
මොකද මිස් මේ එකපාරම මගෙ බෙල්ල කන්න හදන්නෙ
මොකද? තව මොකද කියලත් අහනව.
ඇයි මිස් මොකද උනේ
තමුසෙ හිතුවද මම වනචර කෙල්ලෙක් කියල තමුසෙ යන යන තැන්වලට යන්න.
ඇයි මිස් මම එහෙම හිතුවෙ නෑ
එහෙනම් මිනිහො අපේ ගෙවල් වලට යන පාරෙ නැතුව මොකටද මේ වෙන පාරක යන්නෙ
ඇය කීවේ සැබෑවකි. අංකල් කාරය 150ක් ගන්න කීවාට මට ඇය ඉන්න තැන අහගන්නට අමතක උනා. මමත් පන්ඩිතය වගේ වීල් එක අරන් ගියාට මිස් ඉන්න ගේ කොහෙද කියල දැනගෙන හිටියෙ නෑ.
ආ.. සොරි මිස්. මිස්ට කොහෙටද යන්න ඕනෙ
තමුසෙ යන්න ඕන තැනවත් දන්නෙ නැතුවද මාව අරගෙන යන්නෙ.
සමාවෙන්න මිස් මට අංකල්ගෙන් ඔයා ඉන්න තැන අහගන්න බැරැව ගියා.
හ්ම්. යන්න ඕනෙ කලම්බු සවන් රෝඩ් නම්බර් සික්ස්ට් වන්.
ඇය ඉංග්‍රීසියෙ තමන් ඉන්න තැන දෙඩුවේ ඇය පොෂ් වබ පෙන්විමට හෝ මම ඉංග්‍රීසි නොදන්නා බැව් සිතා මාව අපහසුතාවයට පත්කිරීමේ අදහසින් විය යුතුයි. එහෙත් මං හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් නිසා ඇය කියූවේ කුමක් දැයි හොඳින් වැටහුනු නිසා ඇය කියූ ස්ථානයට ගියෙමි. ඇය වීල් එකෙන් බසින ගමන් රැපියල් 150 දික් කරන ගමින්
අයිය වීල් එලෙව්වට ඉංග්‍රීසිත් පොඩ්ඩක් දන්නව නේද?
ඇයි මිස් එහෙම ඇහුවෙ.
නෑ ඉතිං වෙන වීල් එලවන අයට ඉංග්‍රීසියෙන් මං ඉන්න ඇඩ්රස් එක කිව්වාම ආපහු කියනව මිස් සිංහලෙන් කියනවද කියල. ඒත් ඔයා කිසිම දෙයක් අහන්නෙ නැතුව මාව ඉන්න තැනටම ගෙනල්ල දැම්ම. ඒකයි කිව්වෙ.
අහ් ඒකද මිස්. මමත් ඉතිං පොඩ්ඩක් ඉස්කෝලෙ පැත්තෙ ගිහිල්ල තියනව.
ම්මම් එහෙමද හොඳා හොඳා...
ඇය මද සිනහවක් පාමින් යන්නට සැරසුනේ අඩ අඳුරේමයි. ඒ යනවාත් සමගම ඇය නැවතත් හැරැනේ යමක් පැවසීමටයි.
අයියෙ හෙට උදේ එයාට හයර් එකක් තියනවද?
නෑ ඇයි මිස්?
හෙට උදේ 8.30 ට මෙතෙන්ට එනවද මට සැලුන් එකට යන්න.
හරි මිස් මම එන්නම්.
ඇය මදක් ඉදිරියට ගොස් විශාල යකඩ ගේට්ටුව ලඟ සිටි සිකියුරිටි කාරයාට දොර අරින ලෙස අන කල වබක් පෙනුනේ. අපොයි දෙයියනේ මම දේ දකින්නෙ මිහිපිට සුර ලොවක්ද? ඒ ගෙයක්ද මාළිගාවක්දැයි සිතාගැනීමට මට අපහසු විය. ඇත්තටම එය ගෝල්සෛ් හොටෙල් එක මෙනි. ඇය අඳුරේම ඇතුලටම ගිය පසු මා නැවතත් වීල් එක හරයා ගත්තේ ආපසු බෝඩිමට යෑමටයි. එහෙත් මට යම් කලන්තෙ ගතියක් දැනුනු නිසා වීල් එක ස්ලෝ කරනවාත් සමග යමක් මගෙ බෙල්ල මතින් රෑටා එනු දැනුනි.
මලා බෙල්ල දිගේ ලේ ගලනව.
_______
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 03 කොටසින් හමු වෙමු.
________
සුමා෴

ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 01

ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 01
_____________
මගෙ නම සචිත්. හැමෝම කියන්නෙ සචී කියල. පොඩි අය සචී අයිය කියලත් ලොකු අයිය සචී මල්ලි කියල තමා කියන්නෙ. ගමේ ගොඩේ හැදුන මම ත්‍රීවීල් එකක් එලවන්න කොළඹ ආව. 
කොළඹ ත්‍රීවීල් එකක් එලවන එක ලේසි නෑ. තැනක් හොයා ගන්න එක තමා අමාරැම වැඩේ. ත්‍රීවීල් පාක් වලට බැඳෙන්නත් බෑ. උන්ගෙ මාර ගෑස් තියෙන්නෙ. සමාජෙකට බැඳෙන්න කාගෙවත් ඇඳුරැම්කමක්වත් නෑ. මුළු කොළඹම තැනක් හෙව්වත් හම්බ උනේ නෑ. හොයලා හොයලා අන්තිමට පොඩි තැනක් හම්බ උනා. 
වයසක අංකල් කෙනෙක් විතරයි එතන වීල් එක තියාගෙන හිටියෙ. මං ගිහිල්ල එයත් එක්ක කතා කලා.
අංකල් විතරද මෙතන හයර් කරන්නෙ.
ඔව් පුතා ඇයි?
නෑ අංකල් මමත් මෙතනින් වීල් එක තියාගෙන ඉන්නද?
මගෙනම් අකමැත්තක් නෑ පුතා. ඒත් මෙතන ඉන්න එක තේරැමක් නැති වැඩක්.
ඒ ඇයි අංකල්
මෙතනට හයර් එනව අඩුයි පුතා. මේ කඩ පෝලිමට කව්රැහරි ආවොත් විතරයි හයර් එකක් එන්නෙ.
කමක් නෑ අංකල් මට වෙන තැනකුත් නෑ මං මෙතන හයර් කරන්නම්.
හා හා පුතාගෙ කැමැත්තක්.
සැනසීමට ලැබුනු එකම කාරණය මට දැන් හයර් කරන්න තැනක් ලැබීමයි. හැබෙයි අංකල් කිව්වත් වගේම එදා දවසටවත් හයර් එකක් නම් හම්බ උනේ නෑ. අංකලුයි මමයි ආගිය තොරතුරැ කතා කර කර හිටිය. රෑ 7 ට විතර අංකල් මට කතා කරල මෙහෙම කිව්ව.
පුතේ අද මං පොඩ්ඩක් වේලාසන යනව. ඔය උඩ තට්ටුවෙ බියුටිසැලෝන් එකේ දුව හැමදාම මාත් එක්ක යන්නෙ. එයා එනකොට රෑ 8 විතර වෙයි. එයාව ගෙදරට ගිහිල්ල ඇරලවල පුතා යන්න.
හා හොඳයි අංකල්
ආ.. පුතේ තව එකක්. ඒ ලමයගෙ ගෙවල් ගාවට හයර් එක රැපියල් 150 යි. ඊට වඩා ගන්න එපා පුතාට ආපහු හයර් නැතිව යයි.
හා කියන්නාක් මෙන් මමත් ඔළුව වැනීමි. වීල් එකේ හොන් එක ගැසූ අංකල් එතනින් ගියේ 80ටම පාගමින්. ඒ වයසක මනුස්සය යන වේගෙනම් හෙඳටම වැඩියි කියල මට ඉබේටම කියවුනා. එත් හොඳ පලපුරැදුකාරයෙක් වගේ වංගු සේරම ගානට අරගෙන යනව මං බ්රේක් ලයිට් එලියෙන් දැක්ක. දැන්නම් රැ 8 ටත් කිට්ටුයි. බඩත් ගිනියි. මොනවහරි කන්නත් ඕනෙ. බියුටි සැලොන් එකේ අටමගලෙ එනකන් ඉන්නත් ඕනෙ. ඇත්තටම සැලෝන් කෙල්ලගෙ අම්ම මතක් කරන්න හදනකොටම උඩ තට්ටුවෙ දොරක් දඩෝං ගාල වහනව සද්දයක් ඇහුන. දැන්නම් හිතට සැනසීමක් ඉක්මනට ගෙදර යන්න පුළුවන් හින්ද. ටක් ටක් ගාන අඩි සද්දෙන් මම තේරැම් ගත්ත දැන්නම් ඇය පඩිපෙළ බහිනව කියල. මම ඔහේ වීදුරැවෙන් එළිය බලාගෙන සිටියෙමි. ඒ කෙල්ල මගෙ වීල් එක ගාවට ඇවිල්ල පොඩ්ඩක් කැරකෙනව දැක්ක. මමත් වැඩිය ගණන් ගත්තෙ නෑ. ටික වෙලාවකින් මගෙ ලඟට ඇවිල්ල.
අයියෙ මෙතන හිටිය අංකල් නැද්ද?
නෑ එයා අද වේලපහ ගියා. ඔයා බියුටි සැලෝන් එකේ මිස් ද?
ඔව් ඒ මම තමා.
එහෙනම් නගින්න. අංකල් කිව්ව ඔයාව ඇරලවන්න කියල.
එය කියූ විගසම ඇය රථයට ගොඩවැදුනි. මමත් පුරැදු කාරය මෙන් වීල් එක ස්ටාට් කරගෙන 80ටම පෑගුවෙමි. තුනමං හංදියෙන් වම් පැත්තට හරවනවා විතරයි මතක ඇය යටිගිරියෙන් බෙරිහන් දෙන ගමන් මගේ බෙල්ලෙන් අල්ලාගත්තාය
________
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 02 කොටසින් හමුවෙමු..
_______
සුමා෴

මධු සමය දින රෑ 04

මධු සමය දින රෑ 04
_________
ඇය කටිගිරියෙන් කෑ ගැසුවේ කුමටදැයි මට සිතාගන්නට බැරිව විනාඩියක් පමණ නිසොල්මන්ව අන්ධ බූත වීය. ඇත්තටම ඇය කෑගැසුවේ කුමටදැයි මට සිහිවූවේ පසුවයි.
එහෙත් කිසිවක් නොවූ ගානට 
ඇයි මේ බෙරිහන් දෙන්නෙ
අනේ බලන්නකො මේකෙ තියන දේ
කෝ බලන්න. මොනවද රෙදිනෙ තියෙන්නෙ
ඒත් බලන්නකො අර ඔයාලගෙ අම්ම දුන්න සුදු රෙද්ද
ආ.... ඔව්මයි ඒකෙ ලේ ගෑවිලා... නෙහ්
ලේ මම කියන්නෙ නෑ ඔහෙට
ඇය මාවත් බදාගෙනම ඇඳ මතට පැන්නේ මගේ තොල් දෙකද උරන ගමන්. මටද සිදුවීමට යන කිසිවක් සිතාගැනීමට අපහසු විය. සිතන්නට වෙලාවක්ද නොවීය. ඇය මගේ මුළු මුහුණම සිපගන්න ගමන් මගේ මුහුනෙන් යමක් රෑටා වැටෙනු දැනුනි. මං හිතුවෙ කෙල වෙන්න ඇති කියල එයාගෙ ඔළුවෙන් අල්ලල පැත්තකට විසික් කරා. හයියෙන් නෙවේ ආදරෙන්. ඒත් ඒ කෙල නෙවේ. කඳුලු.
ඇයි මේ ඔයා අඬන්නෙ?
ඇඬෙන්නෙ නැද්ද
ඇයි?
ඇයි? ඇයි ඔයා ඒ වගේ දෙයක් කරගත්තෙ?
මොන වගේ දෙයක්ද?
ඇයි ඒ ඔයා අත කපාගෙන අර අම්ම දුන්න රෙද්දෙ ගෑවෙ. කිව්වනම් මම මගෙ අත කපාගෙන ඕකෙ ලේ ගානවනෙ මහත්තයො.
මට ඕන උනේ ඔයාව විතරයි මගෙ මැනිකෙ. ඒ වෙනුවෙන් මං ඕන දෙයක් කරනව. මට ඕන උනේ ඔයාගෙ ලේ වත් ඔයාගෙ පෙට්ටියවත් නෙවේ
පෙට්ටිය ඒ මොක්කද ඒ?
මුකුත් නෑ
මගෙන් යකා අවුස්සගන්නෙ නැතුව කියනව
අප්පටසිරි මේ බලහල්ලකො මෙයාට යකෙකුත් ඉන්නව.
අනේ හරි හරි දැන් ඔයා තරහ ගන්න එපා සුදු මහත්තයො ඔයා මට එච්චරටම ආදරේද?
ඔව්
කොච්චරක්
දෙන්න පිහිය කොච්චරක්ද කියල පෙන්නන්න
අනේ මහත්තයො ආයෙ මාව අඬවන්න එපා. මං දන්නව සුදු මහත්තය මට ගොඩක් ආදරෙයි කියල. සත්තයි මං මගේ පන තියනකන් ඔයා ළඟින් ඉන්නව. ඔයාට දාසියක් වගේ වැඩ කරනව. සත්තයි. කවදාවත් ඔයාට තනි වෙන්න දෙන්නෙ නෑ.
දාසි බරියා වෙන්න එපා කල්යාන, භගිනි බරියා වෙන්න ඒ හොඳටම ඇති මැනිකෙ.
මං මගෙ මහත්තයට අම්ම කෙනෙක් වගේ සහෝදරියක් වගේ දාසියක් වගේ හැමදාම ආදරේ කරන්නම් සත්තයි. මං ඔයා තුලින් දෙවියො දකිනව සුදු මහත්තයො. ෴
_______
නිමි෴