මධු සමය දින රෑ 04
_________
ඇය කටිගිරියෙන් කෑ ගැසුවේ කුමටදැයි මට සිතාගන්නට බැරිව විනාඩියක් පමණ නිසොල්මන්ව අන්ධ බූත වීය. ඇත්තටම ඇය කෑගැසුවේ කුමටදැයි මට සිහිවූවේ පසුවයි.
එහෙත් කිසිවක් නොවූ ගානට
ඇයි මේ බෙරිහන් දෙන්නෙ
අනේ බලන්නකො මේකෙ තියන දේ
කෝ බලන්න. මොනවද රෙදිනෙ තියෙන්නෙ
ඒත් බලන්නකො අර ඔයාලගෙ අම්ම දුන්න සුදු රෙද්ද
ආ.... ඔව්මයි ඒකෙ ලේ ගෑවිලා... නෙහ්
ලේ මම කියන්නෙ නෑ ඔහෙට
ඇය මාවත් බදාගෙනම ඇඳ මතට පැන්නේ මගේ තොල් දෙකද උරන ගමන්. මටද සිදුවීමට යන කිසිවක් සිතාගැනීමට අපහසු විය. සිතන්නට වෙලාවක්ද නොවීය. ඇය මගේ මුළු මුහුණම සිපගන්න ගමන් මගේ මුහුනෙන් යමක් රෑටා වැටෙනු දැනුනි. මං හිතුවෙ කෙල වෙන්න ඇති කියල එයාගෙ ඔළුවෙන් අල්ලල පැත්තකට විසික් කරා. හයියෙන් නෙවේ ආදරෙන්. ඒත් ඒ කෙල නෙවේ. කඳුලු.
ඇයි මේ ඔයා අඬන්නෙ?
ඇඬෙන්නෙ නැද්ද
ඇයි?
ඇයි? ඇයි ඔයා ඒ වගේ දෙයක් කරගත්තෙ?
මොන වගේ දෙයක්ද?
ඇයි ඒ ඔයා අත කපාගෙන අර අම්ම දුන්න රෙද්දෙ ගෑවෙ. කිව්වනම් මම මගෙ අත කපාගෙන ඕකෙ ලේ ගානවනෙ මහත්තයො.
මට ඕන උනේ ඔයාව විතරයි මගෙ මැනිකෙ. ඒ වෙනුවෙන් මං ඕන දෙයක් කරනව. මට ඕන උනේ ඔයාගෙ ලේ වත් ඔයාගෙ පෙට්ටියවත් නෙවේ
පෙට්ටිය ඒ මොක්කද ඒ?
මුකුත් නෑ
මගෙන් යකා අවුස්සගන්නෙ නැතුව කියනව
අප්පටසිරි මේ බලහල්ලකො මෙයාට යකෙකුත් ඉන්නව.
අනේ හරි හරි දැන් ඔයා තරහ ගන්න එපා සුදු මහත්තයො ඔයා මට එච්චරටම ආදරේද?
ඔව්
කොච්චරක්
දෙන්න පිහිය කොච්චරක්ද කියල පෙන්නන්න
අනේ මහත්තයො ආයෙ මාව අඬවන්න එපා. මං දන්නව සුදු මහත්තය මට ගොඩක් ආදරෙයි කියල. සත්තයි මං මගේ පන තියනකන් ඔයා ළඟින් ඉන්නව. ඔයාට දාසියක් වගේ වැඩ කරනව. සත්තයි. කවදාවත් ඔයාට තනි වෙන්න දෙන්නෙ නෑ.
දාසි බරියා වෙන්න එපා කල්යාන, භගිනි බරියා වෙන්න ඒ හොඳටම ඇති මැනිකෙ.
මං මගෙ මහත්තයට අම්ම කෙනෙක් වගේ සහෝදරියක් වගේ දාසියක් වගේ හැමදාම ආදරේ කරන්නම් සත්තයි. මං ඔයා තුලින් දෙවියො දකිනව සුදු මහත්තයො. ෴
_______
නිමි෴
No comments:
Post a Comment