Search This Blog and Other Bolg

Tuesday, February 9, 2016

ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 03



ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 03
_____________
එසේ ලේ ගලන්නේ කුමක් නිසාදැයි අවබොද වීමට මහ වෙලාවක් ගියේ නෑ. අනිවාරයෙන්ම අර කෙල්ලගෙ යක්ෂ ඇඟිලි වලට හීරිල වෙන්ඩ ඕනෙ. මේ මහ රෑ බෙහෙත් දාගන්න තැනැක්වත් නෑ. මොනව කරන්නද කඩෙන් ඩෙටොල් ප්ලාස්ටර් 2ක් අරන් ගිහිල්ල ගහගත්ත.
පහුවදා උදේම බෙහෙත් ටිකක් දාගන්න යන්න හිතුවත් උදේ බලනකොට පුංචි සීරීම් ටිකක් විතරයි තිබුනෙ. ආපහු කඩෙන් ප්ලාස්ටර් දෙකක් අරන් ගහගත්ත. අර යක්ෂ කෙල්ලට උදේ එන්න පොරොන්දු උන හින්ද ගියා ගේ ගාවටම. නිකම්ම නෙවේ ගියේ. මෙච්චර සල්ලි තියන කෙල්ලෙක් මොන එකකට මට පව් දෙන්න එනව කියනවද මංද තමන්ගෙ වාහනේක යන්නෙ නැතුව. කියල හිතන ගමන්.
හරියටම 8.30ට ගේට්ටුව ගාවට ආපු මම හොන් එක උඩ ඉඳගත්ත වගේ හොන් ගැහුවෙ හිතේ තියන ආවෙගෙත් එක්ක.
එත් එක්කම ගේට්ටුව අරින සද්දෙ ඇහුන. මම ඒ පැත්ත බලන්නෙවත් නැතව ඉස්සරහම ඉලාගෙන හිටියෙ අර යක්ෂ කෙල්ල වීල් එකට නගිනකන්ම. මේ කෙල්ල මගෙ ලඟට ඇවිල්ල
අයිය වෙලාවටම වැඩ නේද?
තොගෙ අම්මට නැගපන් ගෑණියෙ වාහනේට කියන්නට වගේ සැරසෙනවාත් සමගම නිකමට වගේ ඇයගෙ මූණ බැලුව.
අහෝ... මගේ හදවත නැවතුනාද නැතිනම් අකුණක් වැදුනද කියල හිතාගන්න බැරැව ගියා. මං මේ දකින්නෙ හිංදි නිළියක්වත්ද? නැවතත් ඇස් දෙක පොඩ්ඩක් පිසදා ගත් මම ඇය දෙස විනාඩියක් පමණ බලන් සිටියේ සිහි මද ගතියෙන් යුක්තවයි. ඇය නැතවත් හඬ අවදි කලාය.
මොකෝ අයියෙ කන්න වගේ බලන් ඉන්නෙ? අපි යන්ද?
හා හා මිස් වඩින්න.
ඈහ් වඩින්න. මම දෙවි කෙනෙක් කියල හිතුවද
ඇත්තටම මට වචන පැටලුනා
උඹ මිහිපිට දෙවෙි කෙනෙක් වගේ ලස්සනයි කෙල්ලෙ කියන්නට සිතුනත්
නෑ මිස් මට වැරදුනා.
හා හා කමක් නෑ ඉක්මනට යමු. අද වෙඩින් එකකට අන්දන්නත් තියනව.
හරි මිස්
ඒක නෙවේ අයියෙ මොකද ඔය බෙල්ල තුවාල වෙලා.
එසේ ඇහුවෙ ඇය හිනා වෙන ගමන්
පොඩ්ඩක් සීරිල මිස්.
පොඩ්ඩක් සීරිල?
ඔව් මිස්
බොරැ කියන්න එපා හලෝ
ඇයි මිස්
ඊයෙ මම බෙල්ලෙන් අල්ලපු වෙලේ සීරැනා නේද? මමත් ගෙදර ගිහිල්ල බලනකොට ඇඟිලි වල ලේ.. ඔයාට ගොඩක් රිදුනද?
නෑ මිස් ඒක ප්‍රශ්නයක් නෑ..
හ්ම හ්ම මං බය උනා ඔයාට ගොඩක් අමාරැ වෙන්න ඇති කියල.
විනාඩි 10කට පමණ පසු බියුටි සැලෝන් එක තියන තැනට ආව. කෙල්ල වීල් එකෙන් බැහැල
කීයද ගාන
වෙනද වගේම තමා 150
ඇය රැපියල් 200ක් දුන්න.
මගෙ ලඟ මාරැ නැනෙ මිස්.
හරි ඒකට කමක් නෑ රෑට ගමුකො. අද මං ඕෆ් වෙනකොට 10 විතර වෙයි. අද රෑ වෙඩින් එකකට අන්දන්නත් තියනව. ඔයා එනවද මාව එක්කගෙන යන්න.
ඇය සිනාසෙමින් එසේ අසන විට කියන්නේ කුමක්දැයි වැටහුනේ නැතත් මමත් සිනහවක් සමග ඔළුව වනා හයර් එක බාර ගත්ත. ඇය නැවතත් සිනහවකින් සංග්‍රහ කොට සැලුන් එක වෙත පිය නැගූ හැටි මං ඇසිය නොහෙලා බලාගෙන හිටිය.
ඇය මාව හඳුනාගෙන දවස් දෙකක්වත් නොමැති වුවත් අය කතා කරන්නෙ හොඳම යහළුවෙකු සමග කතා කරන අන්දමටයි. මෙච්චර පෝසත් කෙල්ලෙක් මාත් එක්ක මෙහෙම කතා කරනවද කියල මට හිතාගන්නත් අමාරැයි.
____
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 04 කොටසින් හමු වෙමු.
________
සුමා෴
පල්ලෙහා තියන ලින්ක් එකට ගිහිල්ල ලයික් එකක් දාල ෂෙයා කරල පොඩි සහයෝගෙකුත් දෙන්න
www.facebook.com/sumuditha.kavishan.page


Monday, February 8, 2016

චූටි පුතේ උඹට දැනෙන දේ මහ එවුන්ට නොදැනෙන්නේ ඇයි මට නොදැනේ

පුංචි පුතේ
මේ උඹ ජීවත්වන සමාජය තමයි
තාම උඹ පොඩි වැඩියි පුතේ
ඕව තේරැම් ගන්න
උඹට ඕව තේරෙන කාලෙට
උඹ ලොකු මිනිහෙක් වෙලා ඉඳියි
එදාටවත් තේරැම් ගනින් පුතේ
සමාජෙට හොඳ පණිවිඩයක් දෙන්න.
තමන්ගෙ දිව තත්පර කිහිපයකට
සතුටු කරන්න
අහිංසක කොල කන සතෙක්
ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනෙද?

චූටි පුතේ
උඹට දැනෙන දේ
මහ එවුන්ට නොදැනෙන්නේ
ඇයි මට නොදැනේ
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 02
___________
ඇත්තටම ඒ බෙල්ලෙන් අල්ලා ගත්තේ ඇයි දැයි සිතනවා වෙනුවට මම දඩෝං ගා බ්රේක් එක පෑගුවේ ඈගෙ නියපොතු වලින් මගෙ බෙල්ල ආරක්ෂා කරගැනීමටයි. 
මොකද මිස් මේ එකපාරම මගෙ බෙල්ල කන්න හදන්නෙ
මොකද? තව මොකද කියලත් අහනව.
ඇයි මිස් මොකද උනේ
තමුසෙ හිතුවද මම වනචර කෙල්ලෙක් කියල තමුසෙ යන යන තැන්වලට යන්න.
ඇයි මිස් මම එහෙම හිතුවෙ නෑ
එහෙනම් මිනිහො අපේ ගෙවල් වලට යන පාරෙ නැතුව මොකටද මේ වෙන පාරක යන්නෙ
ඇය කීවේ සැබෑවකි. අංකල් කාරය 150ක් ගන්න කීවාට මට ඇය ඉන්න තැන අහගන්නට අමතක උනා. මමත් පන්ඩිතය වගේ වීල් එක අරන් ගියාට මිස් ඉන්න ගේ කොහෙද කියල දැනගෙන හිටියෙ නෑ.
ආ.. සොරි මිස්. මිස්ට කොහෙටද යන්න ඕනෙ
තමුසෙ යන්න ඕන තැනවත් දන්නෙ නැතුවද මාව අරගෙන යන්නෙ.
සමාවෙන්න මිස් මට අංකල්ගෙන් ඔයා ඉන්න තැන අහගන්න බැරැව ගියා.
හ්ම්. යන්න ඕනෙ කලම්බු සවන් රෝඩ් නම්බර් සික්ස්ට් වන්.
ඇය ඉංග්‍රීසියෙ තමන් ඉන්න තැන දෙඩුවේ ඇය පොෂ් වබ පෙන්විමට හෝ මම ඉංග්‍රීසි නොදන්නා බැව් සිතා මාව අපහසුතාවයට පත්කිරීමේ අදහසින් විය යුතුයි. එහෙත් මං හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් නිසා ඇය කියූවේ කුමක් දැයි හොඳින් වැටහුනු නිසා ඇය කියූ ස්ථානයට ගියෙමි. ඇය වීල් එකෙන් බසින ගමන් රැපියල් 150 දික් කරන ගමින්
අයිය වීල් එලෙව්වට ඉංග්‍රීසිත් පොඩ්ඩක් දන්නව නේද?
ඇයි මිස් එහෙම ඇහුවෙ.
නෑ ඉතිං වෙන වීල් එලවන අයට ඉංග්‍රීසියෙන් මං ඉන්න ඇඩ්රස් එක කිව්වාම ආපහු කියනව මිස් සිංහලෙන් කියනවද කියල. ඒත් ඔයා කිසිම දෙයක් අහන්නෙ නැතුව මාව ඉන්න තැනටම ගෙනල්ල දැම්ම. ඒකයි කිව්වෙ.
අහ් ඒකද මිස්. මමත් ඉතිං පොඩ්ඩක් ඉස්කෝලෙ පැත්තෙ ගිහිල්ල තියනව.
ම්මම් එහෙමද හොඳා හොඳා...
ඇය මද සිනහවක් පාමින් යන්නට සැරසුනේ අඩ අඳුරේමයි. ඒ යනවාත් සමගම ඇය නැවතත් හැරැනේ යමක් පැවසීමටයි.
අයියෙ හෙට උදේ එයාට හයර් එකක් තියනවද?
නෑ ඇයි මිස්?
හෙට උදේ 8.30 ට මෙතෙන්ට එනවද මට සැලුන් එකට යන්න.
හරි මිස් මම එන්නම්.
ඇය මදක් ඉදිරියට ගොස් විශාල යකඩ ගේට්ටුව ලඟ සිටි සිකියුරිටි කාරයාට දොර අරින ලෙස අන කල වබක් පෙනුනේ. අපොයි දෙයියනේ මම දේ දකින්නෙ මිහිපිට සුර ලොවක්ද? ඒ ගෙයක්ද මාළිගාවක්දැයි සිතාගැනීමට මට අපහසු විය. ඇත්තටම එය ගෝල්සෛ් හොටෙල් එක මෙනි. ඇය අඳුරේම ඇතුලටම ගිය පසු මා නැවතත් වීල් එක හරයා ගත්තේ ආපසු බෝඩිමට යෑමටයි. එහෙත් මට යම් කලන්තෙ ගතියක් දැනුනු නිසා වීල් එක ස්ලෝ කරනවාත් සමග යමක් මගෙ බෙල්ල මතින් රෑටා එනු දැනුනි.
මලා බෙල්ල දිගේ ලේ ගලනව.
_______
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 03 කොටසින් හමු වෙමු.
________
සුමා෴

ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 01

ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 01
_____________
මගෙ නම සචිත්. හැමෝම කියන්නෙ සචී කියල. පොඩි අය සචී අයිය කියලත් ලොකු අයිය සචී මල්ලි කියල තමා කියන්නෙ. ගමේ ගොඩේ හැදුන මම ත්‍රීවීල් එකක් එලවන්න කොළඹ ආව. 
කොළඹ ත්‍රීවීල් එකක් එලවන එක ලේසි නෑ. තැනක් හොයා ගන්න එක තමා අමාරැම වැඩේ. ත්‍රීවීල් පාක් වලට බැඳෙන්නත් බෑ. උන්ගෙ මාර ගෑස් තියෙන්නෙ. සමාජෙකට බැඳෙන්න කාගෙවත් ඇඳුරැම්කමක්වත් නෑ. මුළු කොළඹම තැනක් හෙව්වත් හම්බ උනේ නෑ. හොයලා හොයලා අන්තිමට පොඩි තැනක් හම්බ උනා. 
වයසක අංකල් කෙනෙක් විතරයි එතන වීල් එක තියාගෙන හිටියෙ. මං ගිහිල්ල එයත් එක්ක කතා කලා.
අංකල් විතරද මෙතන හයර් කරන්නෙ.
ඔව් පුතා ඇයි?
නෑ අංකල් මමත් මෙතනින් වීල් එක තියාගෙන ඉන්නද?
මගෙනම් අකමැත්තක් නෑ පුතා. ඒත් මෙතන ඉන්න එක තේරැමක් නැති වැඩක්.
ඒ ඇයි අංකල්
මෙතනට හයර් එනව අඩුයි පුතා. මේ කඩ පෝලිමට කව්රැහරි ආවොත් විතරයි හයර් එකක් එන්නෙ.
කමක් නෑ අංකල් මට වෙන තැනකුත් නෑ මං මෙතන හයර් කරන්නම්.
හා හා පුතාගෙ කැමැත්තක්.
සැනසීමට ලැබුනු එකම කාරණය මට දැන් හයර් කරන්න තැනක් ලැබීමයි. හැබෙයි අංකල් කිව්වත් වගේම එදා දවසටවත් හයර් එකක් නම් හම්බ උනේ නෑ. අංකලුයි මමයි ආගිය තොරතුරැ කතා කර කර හිටිය. රෑ 7 ට විතර අංකල් මට කතා කරල මෙහෙම කිව්ව.
පුතේ අද මං පොඩ්ඩක් වේලාසන යනව. ඔය උඩ තට්ටුවෙ බියුටිසැලෝන් එකේ දුව හැමදාම මාත් එක්ක යන්නෙ. එයා එනකොට රෑ 8 විතර වෙයි. එයාව ගෙදරට ගිහිල්ල ඇරලවල පුතා යන්න.
හා හොඳයි අංකල්
ආ.. පුතේ තව එකක්. ඒ ලමයගෙ ගෙවල් ගාවට හයර් එක රැපියල් 150 යි. ඊට වඩා ගන්න එපා පුතාට ආපහු හයර් නැතිව යයි.
හා කියන්නාක් මෙන් මමත් ඔළුව වැනීමි. වීල් එකේ හොන් එක ගැසූ අංකල් එතනින් ගියේ 80ටම පාගමින්. ඒ වයසක මනුස්සය යන වේගෙනම් හෙඳටම වැඩියි කියල මට ඉබේටම කියවුනා. එත් හොඳ පලපුරැදුකාරයෙක් වගේ වංගු සේරම ගානට අරගෙන යනව මං බ්රේක් ලයිට් එලියෙන් දැක්ක. දැන්නම් රැ 8 ටත් කිට්ටුයි. බඩත් ගිනියි. මොනවහරි කන්නත් ඕනෙ. බියුටි සැලොන් එකේ අටමගලෙ එනකන් ඉන්නත් ඕනෙ. ඇත්තටම සැලෝන් කෙල්ලගෙ අම්ම මතක් කරන්න හදනකොටම උඩ තට්ටුවෙ දොරක් දඩෝං ගාල වහනව සද්දයක් ඇහුන. දැන්නම් හිතට සැනසීමක් ඉක්මනට ගෙදර යන්න පුළුවන් හින්ද. ටක් ටක් ගාන අඩි සද්දෙන් මම තේරැම් ගත්ත දැන්නම් ඇය පඩිපෙළ බහිනව කියල. මම ඔහේ වීදුරැවෙන් එළිය බලාගෙන සිටියෙමි. ඒ කෙල්ල මගෙ වීල් එක ගාවට ඇවිල්ල පොඩ්ඩක් කැරකෙනව දැක්ක. මමත් වැඩිය ගණන් ගත්තෙ නෑ. ටික වෙලාවකින් මගෙ ලඟට ඇවිල්ල.
අයියෙ මෙතන හිටිය අංකල් නැද්ද?
නෑ එයා අද වේලපහ ගියා. ඔයා බියුටි සැලෝන් එකේ මිස් ද?
ඔව් ඒ මම තමා.
එහෙනම් නගින්න. අංකල් කිව්ව ඔයාව ඇරලවන්න කියල.
එය කියූ විගසම ඇය රථයට ගොඩවැදුනි. මමත් පුරැදු කාරය මෙන් වීල් එක ස්ටාට් කරගෙන 80ටම පෑගුවෙමි. තුනමං හංදියෙන් වම් පැත්තට හරවනවා විතරයි මතක ඇය යටිගිරියෙන් බෙරිහන් දෙන ගමන් මගේ බෙල්ලෙන් අල්ලාගත්තාය
________
ත්‍රීවීල් කාරයාගේ ප්‍රේමය 02 කොටසින් හමුවෙමු..
_______
සුමා෴

මධු සමය දින රෑ 04

මධු සමය දින රෑ 04
_________
ඇය කටිගිරියෙන් කෑ ගැසුවේ කුමටදැයි මට සිතාගන්නට බැරිව විනාඩියක් පමණ නිසොල්මන්ව අන්ධ බූත වීය. ඇත්තටම ඇය කෑගැසුවේ කුමටදැයි මට සිහිවූවේ පසුවයි.
එහෙත් කිසිවක් නොවූ ගානට 
ඇයි මේ බෙරිහන් දෙන්නෙ
අනේ බලන්නකො මේකෙ තියන දේ
කෝ බලන්න. මොනවද රෙදිනෙ තියෙන්නෙ
ඒත් බලන්නකො අර ඔයාලගෙ අම්ම දුන්න සුදු රෙද්ද
ආ.... ඔව්මයි ඒකෙ ලේ ගෑවිලා... නෙහ්
ලේ මම කියන්නෙ නෑ ඔහෙට
ඇය මාවත් බදාගෙනම ඇඳ මතට පැන්නේ මගේ තොල් දෙකද උරන ගමන්. මටද සිදුවීමට යන කිසිවක් සිතාගැනීමට අපහසු විය. සිතන්නට වෙලාවක්ද නොවීය. ඇය මගේ මුළු මුහුණම සිපගන්න ගමන් මගේ මුහුනෙන් යමක් රෑටා වැටෙනු දැනුනි. මං හිතුවෙ කෙල වෙන්න ඇති කියල එයාගෙ ඔළුවෙන් අල්ලල පැත්තකට විසික් කරා. හයියෙන් නෙවේ ආදරෙන්. ඒත් ඒ කෙල නෙවේ. කඳුලු.
ඇයි මේ ඔයා අඬන්නෙ?
ඇඬෙන්නෙ නැද්ද
ඇයි?
ඇයි? ඇයි ඔයා ඒ වගේ දෙයක් කරගත්තෙ?
මොන වගේ දෙයක්ද?
ඇයි ඒ ඔයා අත කපාගෙන අර අම්ම දුන්න රෙද්දෙ ගෑවෙ. කිව්වනම් මම මගෙ අත කපාගෙන ඕකෙ ලේ ගානවනෙ මහත්තයො.
මට ඕන උනේ ඔයාව විතරයි මගෙ මැනිකෙ. ඒ වෙනුවෙන් මං ඕන දෙයක් කරනව. මට ඕන උනේ ඔයාගෙ ලේ වත් ඔයාගෙ පෙට්ටියවත් නෙවේ
පෙට්ටිය ඒ මොක්කද ඒ?
මුකුත් නෑ
මගෙන් යකා අවුස්සගන්නෙ නැතුව කියනව
අප්පටසිරි මේ බලහල්ලකො මෙයාට යකෙකුත් ඉන්නව.
අනේ හරි හරි දැන් ඔයා තරහ ගන්න එපා සුදු මහත්තයො ඔයා මට එච්චරටම ආදරේද?
ඔව්
කොච්චරක්
දෙන්න පිහිය කොච්චරක්ද කියල පෙන්නන්න
අනේ මහත්තයො ආයෙ මාව අඬවන්න එපා. මං දන්නව සුදු මහත්තය මට ගොඩක් ආදරෙයි කියල. සත්තයි මං මගේ පන තියනකන් ඔයා ළඟින් ඉන්නව. ඔයාට දාසියක් වගේ වැඩ කරනව. සත්තයි. කවදාවත් ඔයාට තනි වෙන්න දෙන්නෙ නෑ.
දාසි බරියා වෙන්න එපා කල්යාන, භගිනි බරියා වෙන්න ඒ හොඳටම ඇති මැනිකෙ.
මං මගෙ මහත්තයට අම්ම කෙනෙක් වගේ සහෝදරියක් වගේ දාසියක් වගේ හැමදාම ආදරේ කරන්නම් සත්තයි. මං ඔයා තුලින් දෙවියො දකිනව සුදු මහත්තයො. ෴
_______
නිමි෴

Wednesday, February 3, 2016

මධු සමය දින රෑ 03

මධු සමය දින රෑ 03
_____________
මොකද මොකද මේ උදේ පාන්දර අඬන්න පටන් ගත්තෙ
ඇයි මහත්තයො මං නරක කෙල්ලෙක් හින්දද මෙහෙම කරගත්තෙ?
කොහොමද?
ඔය පේන්නෙ නැද්ද ඇයි ඔයා ඔයාගෙම අත කපා ගත්තෙ?
ආ...හ් ඒකද මේ චුට්ටක් අත සීරැනා. දැන් ඒක හොඳා
චුට්ටක් සීරිලා කොහෙද මේ බලන්නකො අත නිකන් පිහියකින් කපල වගේනෙ.
ඇය පැවසූවේ සත්‍යකි. තුවාලය දරණු ලෙසටම මට දැන්නත් එය වගේ වගක් නැතුව කතා කලේ ඇයව සැනසීම සඳහාමයි. ඇත්තටම ඒ වෙලාවෙ මම හිටියෙ මහත් වූ වේදනාවෙන්. වේදනාව ඉවසාගත නොහැකි තැන මම ඇයට
සුදූ ගිහිල්ල මට බොන්න තේ එකක් හදාගෙන එන්නකො
එය කියූ සැන්න ඇය කුස්සිය වෙත පිය නගනවාත් සමග මම බාත්රෑම් එකට රිංගා ගත්තේ ඉතාම අමාරැවෙන්. ලේ ගලන අත හොඳින් සෝදාගෙන කාරයම අවුස්සන්නට වූයේ තුවාලය වෙලා ගැනීම සදහා රෙදිකෑල්ලක් සොයාගැනීමටයි. එහෙත් කිසිදු මගුලේ රෙදිකෑල්ලක් සොයාගැනීමට නොහැකි වූ මම උඩ බලාගෙන සිටියෙමි. ඇය තේ එක රැගෙන කාමරයට පැමිණි වහාම ඇය මගෙන් ඇහුවේ තව මොනව හරි ඕනෙද කියල. වේදනාව ඉවසාගත නොහැකි තැන මම තුවාලය පිහදගන්න රෙදිකෑල්ලක් තිබ්බනම් හොඳා. ඇයද කාමරය ඇවිස්සුවත් රෙදි කෑල්ලක් සොයාගැනීමට නොහැකි විය.
ඇය මදක් සිනාසී රෙදිකෑල්ලක් නම් තියනවව මහත්තයො හැබෙයි මට බනින්න එපා.
මටද කරගනීමට කිසිවක් නොවූ නිසා ඔළුව වනා ඊට කැමැත්ත ප්‍රකාශකලෙමි. ඇය තම බෑගය රැගෙන යම්කිසි කවරයක් ගෙන ඉරා රෙදිකෑල්ලක් ගත්ත. ඇත්තටම ඒක දැකල මගෙ වේදනාව කොහෙන් ගියාද දන්නෑ මුළු කාමරයම එකම සිනා සාගරයක් උනා. ඇය බෑගයෙන් ගත්තෙ වෙන කිසිවක් නෙවේ කාන්තා සනීපාරක්ෂක තුවායක්. ඇය ලැජ්ජාවෙන් මෙන්
මේක තමා ඉතිං තියෙන්නෙ කිව්වා.
මමද සිනහව බොහොම අමාරැවෙන් තද කරගෙන
හා හා කමක් නෑ ඔක තිබ්බාම ලේ එන එක නවතියිනෙ කිව්ව.
ඇය කටින් මොකුත් නොකිව්වත් ඇස් දෙකෙන් රැව්වෙ කට වහගනින් කියන්නාක් මෙනි.
එදා දවස කාන්තා සනීපාරක්ෂක තුවායක් තුවාලය මත තබාගෙන සිටීමට මට සිදුවිය. පහුවදා උදෙන්ම අම්මලගෙ ගෙදර යන්න ඕන හින්ද අපි දෙන්නම එකතු වෙලා රෑ ඇඳුම් ටිකක් පැක් කරන්න ගත්ත.
මට රෑට අඳින්න සරමකුත් ගන්න වෙයි නේද?
ඒ මොකෝ සරම් කලිසමක් හොඳයිනෙ
බෑ සරම ලේසියි
මොනවටද ලේසි
හැමදේටම ලේසියි
හැමදේටම කිව්වෙ?
දැන් ඔයාට මම හැමදේම කියන එකත් කියල දෙන්න ඕනෙද?
ආාා..... වල් කොල්ල. මේ අම්මලගෙ දිහා එහෙම ඕව කරන්න එන්න එපා.
ඇයි ඒ?
බෑ අම්මලගෙ දිහා ලැජ්ජයි.
මම දැන් ගිහිල්ල ඇඳුම් නැතුව ඉන්නද? විකාර නොකිය ඔය අල්මාරියෙන් මට සරමක් ගන්න
මගේ කීමට සිනහ වෙමින් ඇය අල්මාරිය ඇරියේ සරමක් ගැනීමටය. එහෙත් අල්මාරිය ඇරි සැනින් ඇය යටිගිරියෙන් කෑ ගසන්නට විය

මධු සමය දින රෑ 04 සමගින් හමු වෙමු
_______
සුමා

මධු සමය දින රෑ 02


මධු සමය දින රෑ 02
_____________
ෂ්ෂ්.... මං එච්චර නරක නෑ. අරක්කු බොන එක තමා කරන නරකම වැඩේ. ඒකත් ඔයාව හම්බ වෙච්ච පළවෙනි දවසෙම අතඇරිය. 
ඉතිං ඔයා කොහාමද මං ගැන ඔච්චර දන්නෙ?
ඔයා දන්නවද සෝමෙ අංකල්.
ඔව් අපේ ගෙවල් ගාව ඉන්නෙ
හ්ම් එයා මගෙ හොඳ යාළුවෙක්. මං එයාගෙන් ඔයා ගැන හොයල බැලුව. මට මිනිහ කිව්ව ඔය කෙල්ල හොඳට හැදිච්ච කෙල්ල කිසිම වරදක් නෑ කියල.
ඒත් ඉතිං මගෙ වරදක් තියනවනෙ.
ඔව් මං ඒක පස්සෙ දැනගත්තෙ
ඒ කොහොමද?
ඔයාට ඔය වැඩේ කරපු කසුන්ගෙ යාළුවෙක්ව මං අඳුරනව. දවසක් මං ඌට ඔයාගෙ ෆොටෝ එකක් පෙන්නුව මේ තමා මගෙ කෙල්ල කියල. ඌ කියපු දෙයින් මගේ ලේ හොඳටම රත් උනා.
මොනවද මහත්තයො එයා කිව්වෙ. මං ගැන ගොඩක් වැරදි දේවල් කිව්වද?
ඔව්. ඌ කිව්ව ඔයාව දාගෙන හිටියෙ උගෙ යාළුව කසුන්ලු. පොරගෙ ත්‍රිවීල් එකෙන්මලු හැමදාම රෑම් එකට ගියේ.
ආ... ඔයා ඔය කියන්නෙ මිටි කළු කොල්ල ගැන නේද?
ඔව් ඌ තමා.
ඉතිං තව මොනවද මං ගැන කිව්වෙ.
ඒ සියල්ලම ඇය ඇසුවෙ ඇඬූ කඳුලෙන් යුක්තවයි.
ඌ කිව්ව ඕකි මහ බඩ්ඩ. කසුන ඕකිව රෑම් ගෙනිහිල්ල ඇද්දත් එක්ක. ඕකිගෙ පෙට්ටිය කෑලි නෑ බං. උඹ අමාරැවෙ වැටෙන්නෙ නැතුව ඕකිව අතඇරහං කිව්ව.
ඉතිං ඊට පස්සෙ
මට එදා හොඳටම යකා වැහිල හිටියෙ. ඒ වෙලේම ගියා එය කසුන් කියන එකාව මරන්න හිතාගෙන. ගිය ගමන් කරැණු කිසිම දෙයක් අහන්නෙ නැතුව මං උට හොඳටම ගැහුව. ඒ ගහනකොට මට ඌ විස්තරේ කිව්ව. උට ඕන උනේ ඔයාගෙන් ආතල් ගන්න විතරයි ලු. ඒත් ඔයා එයාට ඇත්තටම ආදරේ කරන්න පටන්ගනියි කියල භය හිතිල ඔයාව අතඇරිය කිව්ව.
ඒත් මහත්තයො ඇයි මං ගැන එච්චර දේවල් දැනගෙනත් මගෙන් නිකමටවත් ඇහුවෙ නැත්තතෙ.?
මට ඔයාව විතරයි ඕන උනේ නංගි. ඒකයි මං කිසි දෙයක් ඔයාගෙන් ඇහුවෙ නැත්තෙ.
අනේ මං මගෙ මහත්තයට ජීවිතේ පවතිනකන් එක වගේම ආදරේ කරනව.සත්තයි
ඈ එසේ කීවේ ඉතා වේගයෙන් අඬන ගමන්.
ඒත් මහත්තයො තව පොඩි ප්‍රශ්නයක් තියනව.
මොකක්ද?
ඔයාගෙ අම්ම මට සුදු රෙද්දක් දුන්න හනිමුන් දවසෙ මේක ඇඳට දාගන්න කියල. දැන් ඒකෙ මගෙ ලේ ගෑවිලා නැත්තන් මාව ඔයාගෙ අම්ම එලවයි මහත්තයො. මට භයයි.
භය වෙන්න එපා නංගි මම ඉන්නවනෙ.
ඒත් ඔයාගෙ අම්ම වලව්කාර කෙනෙක් ඒ අය පතිවත ගැන හරියට හොයනව.
අපේ අම්ම එහෙම නෑ
නැත්තන් ඇයි ඒ මට සුදු රෙද්දක් දුන්නෙ
ඒකත් ඇත්ත තමා. ඒක පස්සෙ බලාගමුකො. කේ එන්න මගෙ ලඟට.
එදින රාත්‍රිෙය් අපි දෙන්න ගොඩක් සතුටු උනා. අැත්තටම එයා මාව ගොඩක් සතුටු කෙරෙව්ව. පහුවදා උදේම ඇහැරැණු ඇය මාව බදාගෙන මගෙ පපුවට ගසමින් හඬන්නට විය. සිදුවන්නේ කුමක්දැයි සිතාගැනීමට මට අපහසු විය.

මධු සමය දින රෑ 03 කොටසින් හමු වෙමු
____
සුමා

මධු සමය දින රෑ 01

මධු සමය දින රෑ 01
_______
මහත්තයො...
ඇයි
මට දිග කතාවක් කියන්න තියනව
අද වගේ දවසක මොන කතාද හලෝ නාගෙන එන්නකො මටත් හොඳ කතාවක් කියන්න තියනව
මගේ කීමට ඇය නා ගැනීමට ගියේ මට පුප්පගෙන කියල මට තේරැනා. ඒත් මම ලස්සනට ඇඳ හදල රෝස මල් ඉහල තිබ්බෙ අපේ ජීවිතේ ලස්සනම දේට සැරසෙන්න. කොට තුවායක් ඇඳගෙන ආපු ඇයව දැකල ඇත්තටම මට පිස්සු හැදුන.
අහන්නෙ නැද්ද මගෙ කතාව.
මොනව අහන්නද අනේ දැන් අපි බැඳලනෙ ඉන්නෙ.
ඒක නෙවේ ප්‍රශ්නෙ. මට ලොකු දෙයක් තියනව කියන්න.
අප්පේ මොකක්ද හලෝ මම මේ පිස්සු හැදිල ඉන්න වෙලාවෙ කියන්න තියන කතාව. ඉක්මනට කියන්නකො.
මේකයි මම මේක කිව්වට පස්සෙ ඔයා මාව දාල යනව කියල දන්නව ඒත් කතාව ඉවර වෙනකන් අහන් ඉන්නවද මහත්තයො.
හා හා කියන්නකො
මම ඒලෙවල් කරන කාලෙ අයිය කෙනෙක් එක්ක යාළු වෙලා හිටිය. අපි ගොඩක් කල් යාළු වෙලා හිටියෙ නෑ. දවසක් එයත් එක්ක මම කාමරේක තනි උනා. එදා එයා මගෙ අතින්වත් ඇල්ලුවෙ නෑ කතා කර කර හිටිය විතරයි කරේ.
ඉතිං ඕකෙ මොකක්ද කියන්න තියෙන්නෙ.
අනේ ඉවර වෙනකන් අහගෙන ඉන්නකො ප්ලීස්.
හා හා දිගටම කියන්නකො.
ඉතිං මං හිතුව එයා හොඳ කෙනෙක් කියල. දෙවෙනි දවසෙත් ගියා. එදා මාව කිස් කලා විතරයි. ඒත් එයා තුන්වෙනි දවසෙ මගෙ ජීවිතේ වටිනාම දේ ගත්ත. මම එදායින් පස්සෙ කාත් එක්කවත් යාළු උනේ නෑ. එත් දැන් ඒව ඔයාට කියල වැඩක් නෑ. මගෙන් ඔයාට ගන්න දෙයක් නැනෙ. මං මහ නරක කෙල්ලෙක්. මට ඒකයි කියන්න ඕන උනේ..
එහෙනම් නංගි මං කියන කතාවත් අහගන්නකො.
හරි මහත්තයො මම දන්නව ඔයා කියන්න යන එක. මම මහ වල් කෙල්ලෙක්. ඔයා මට කැමති නෑනෙ. මම හෙට උදෙන්ම ආපහු යන්නම් මහත්තයො. ඒත් මම ඔයාට ආදරෙයි.
නෑ නෑ යන්න ඕනෙ නෑ මම කියන දේ අහගෙන ඉන්නකො. ඒ කොල්ලගෙ නම කසුන් මම හරිනෙ.
ඔව් හරි..
එයා ඔයාව එක්කගෙන ගියේ ජාඇල රැම් එකකට හරිනෙ.
ඔව් හරි
යනකොට ගියේ ත්‍රීවීල් එකක් ඒකත් හරිනෙ
ඔව් සේරම හරි ඔයා කොහොමද ඔච්චර විස්තර දන්නෙ...
මම දන්නව පැටියො.......
අනේ මහත්තයො කියන්නකො කොහොමද ඔයා මං ගැන ඔච්චර දන්නෙ
ඔයා හිතුවෙ මම කව්රැ කියලද. මමත් හොඳ රස්තියාදු කාරයෙක් තමා.
ඒ කියන්නෙ මහත්තයත් තව කෙල්ලො එක්ක බුදියල තියනවද?
_________
මධුසය දින රෑ 02 කොටසින් හමු වෙමු

Monday, January 25, 2016

එදා 10 පංතියෙදි මට උඹ ගැන ඉස්සෙල්ලාම ආදරයක් ඇති උනාම මට ඒක කියාගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට එච්චර ශක්තියක් තිබ්බෙ නෑ. මම පරක්කු වෙනවත් එක්කම උඹත් එක්ක වෙන එකෙක් හාද උනා. උඹට වෙන කෙනෙක් ඉන්නව කියල දැන දැනත් මම හැමදාම පෙම් කලා. ඉස්කෝලෙ ආවෙ උදෙන්ම ඔයාට දැකගන්න හිතාගෙන. ඒ දැකපු හැම දවසෙම ඔයා කට පුරෝල හිනා උනා. ඒත් ඔයා දන්නෙ නෑ මං ඔයාට ආදරෙයි කියල. මට ඒක කියන්න ඕන කමක් තිබ්බෙත් නෑ. 
ඒත් දවසක් ඔයාගෙ හොඳම යාළුව මගෙන් අැහුව මට තාම කෙල්ලෙක් නැද්ද කියල. පංතියෙ හැමෝටම කෙල්ලො හිටපු හින්ද ලැජ්ජාවට රත්නාවලියෙ කෙල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරැවට. ඒත් ආපහු දවසක් ඇයම ඒ ප්‍රශ්නෙම අහපු වෙලේ මම උඹ ගැන කිව්ව. පස්සෙ කොහොම හරි උඹ ඒ ගැන දැනගත්ත. එදායින් පස්සෙ කවදාවත් ඔයා මාත් එක්ක හිනා උනේ නෑ. 
උඹේ පෙම්වතා රස්සාවක් කරනව ඇත්ත. මට සල්ලි නෑ උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න. ඒ කාලෙ මං දුප්පතෙක්. කොහොම හරි ඉස්කෝලෙ අවසන් වෙන දවසත් ආව. එදානම් උඹ මාත් එක්ක හිනා උනා. මට දුවල ඇවිල්ල උඹව බදාගන්න හිතුන. ඒත් එහෙම කරන්න මට අයිතියක් නැති හින්ද නිකන් හිටිය. ඒ වෙනකොට උඹේ පෙම්වතා උඹට ඕන කරන හැම සැපක්ම දීල තිබුනෙ. මට එහෙම දෙන්න බෑ. කොහොම හරි ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ අවුරැදු තුනකින් උඹව මට පාරෙදි හම්බ උනා.
උඹට දැන් දරැවො දෙන්නෙක් ඉන්නව. ඒ කාලෙ තිබ්බ හැඟේ හැඩෙත් ක්ෂය වෙලා. ඒ කාලෙ වගේ ලස්සන සුදුත් නෑ. මූනෙ කිසිම හිනාවකුත් නෑ. තඩි එළවලු බෑග් එකක් එල්ල ගත්ත දකුණු අතේ නහර පෑදිල ඇදිල හිගිල්ල. වම් අතේ දරැවො දෙන්න එල්ලිලා. බස් එකක් එනකන් ඈත දුර බලාගෙන ඉන්නව. ඈත දුර බලාගෙන ඉන්නකොට තමා මමත් එතනින් උඩට මතු උනේ. උඹට මාව දැක්කාම එකපාරම අඳුරගන්න බැරැව ගියා කියල මම දැනගත්ත.
ඇය බලෙන් මවාගත්ත හිනාවක් එක්ක මට සමච්චලේට හිනා උනා. කින්ඩියට වගේ මගෙන් ඇහුවෙ මොකද තාම රස්තියාදු ගහනවද කියල. ඇය එහෙම අහපු එක සාධාරණයි. මොකද මම ඇඳන් හිටියෙ බාච්චු කලිසමකුයි ලොකු ෂර්ට් එකකුයි. ඇඟේ හැම තැනම පච්ච ගහල ලොකු චේන් එකක් බෙල්ලෙ දාගනෙ. ඇත්තටම ඒක රස්තියාදුකාරකමක්. මට කින්ඩියට කතා කරන ගමන් ඇය කිව්වෙ තමන්ගෙ මහත්තය දැන් ගැරිජ් එකක රස්සාව කරන බවත් දරැ සම්පත් දෙකක් සිටින බවත් තව දරැ සම්පතක් කුස තුල සිටින බවත්. ඇත්තටම ඇය මට එහෙම කිව්වට මටනම් ජීවිකාව සතුටින් ගෙනියන බවක් පෙනුනෙ නෑ. සමහර විට එයා මට එහෙම කිව්වෙ ඒ කාලෙ මාත් එක්ක යාළු උනානම් අද ඊට වඩා දුක් විඳින්න වෙනවනේ කියන හැඟීමෙන් වෙන්න ඕනෙ. කොහොම උනත් ඇය පුන පුනා කිව්වෙ එදා මාත් එක්ක ආවනම් මීට වඩා දුක් විඳින්න වෙන බවක් නම් සහතිකයි. ඒත් මටනම් පෙනුනෙ ඇය අන්ත දුක් විඳින බවයි. ඇගේ බ්ලව්ස් එක දිය වෙලාම ලැම මඩල පේනව. ඩෙනිම් සාය මං හිතන්නෙ අවුරැදු 3ක් විතර පරණයි. 
මමත් මද සිනාවක් පෑවා මිස මොකුත් කතා කරන්න ගියේ නෑ. ඇගේ ජීවන කතාව අසා සිටියා මිස. 
අවසාන වෙලාවෙදි මං ඇහුව එනවද මමත් ඔයාලගෙ ගෙවල් පාරෙන්මයි යන්නෙ ඇරලවන්න පුළුවන් කියල. 
බඩු මල්ලකුයි දරැ දෙන්නයි එක්ක හිරවෙච්ච බස් එකක යනවට වඩා හොඳයි මං එක්ක යනව කියල හිතෙන්න අති. ඒක නිසා ඔළුව දෙපැත්තට වනල කැමැත්ත පල කලා. නගරයේ වාහන නැවතුම්පොල වෙත මා සමග පැමිනි ඇය තරමක් අපහසුතාවයෙන් ඇවිදින නිසා කිලෝ 10ක් විතර බර බෑග් එකත් මම ගෙනාව. ඇවිල්ල ත්‍රීවීල් එකක් ගාව මම නතර උනේ වාහනේ යතුර සාක්කුවෙන් එළියට ගන්න. මම වාහනේ යතුර අරගෙන කාර් එකේ ඩිකිය ඇරල බඩු මල්ල දාල වැඩපිට බැලුවට එයා පේන්න හිටියෙ නෑ. පොඩ්ඩක් හොදිසි කරපුවාම ඇය ඉන්නව ත්‍රීවීල් එකක නැගල. 
+ මොකද මේ ත්‍රී වීල් එකක නැගල
- ඇයි මේක ඔයාගෙ නෙවේද?
+ නෑ ගිහිල්ල අර කාර් එකට නගින්න
ඇය වීලයෙන් ඔලුව පිටතට දමා මගේ කාර් එක දෙස බලා හූල්ලන්නට විය. 
- සොරි හලෝ මම හිතුවෙ ඔයා අඳ පැළඳගෙන ඉන්න විදිහට ත්‍රීවීල් කාරයෙක් වෙන්න ඇති කියල. 
ඒ වචන ටික කියා නිමේශයකින් ඇය හඬන්නට විය. දරැ දෙදෙනාද සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට නොහැකිව මා දෙස හා අම්මා දෙස බලයි. ඇති වන තුරැ අඬන්නට දීල ඉවර වෙනකන් මං බලාගෙන හිටිය. 
මං ඇහුව ඇයි ඇඬුවෙ කියල. ඇය මට ඇගේ දුක්ගැනවිලි දහස් ගනන් ප්‍රකාශ කලා. ඇත්තටම ඇයට දැන්නම් හිතෙනව එදා මාත් එක්ක යාළු උනානම් ඉවරයි කියල. මමත් ඇගේ දුක් කතාව ඉවර වෙන තුරැ අහගෙන ඉඳල මගෙම කාර් එකෙන් ඇයගෙ ගේ ලඟටම ගිහිල්ල නැවැත්තුව. මගෙ මූණවත් බලන්නෙ නැතුව දරැ දෙන්නත් එක්ක යන්න සැරසෙනකොටම මම පොඩි එකාට කතා කරා. කාර් එකේ තිබ්බ ලොකු චොකලට් දෙකක් පොඩිඑකාට දීල අම්මටත් දීල කන්න කිව්ව. චොකලට් එකක් ජීවිතේට දැකල නෑ වගේ ඒ පොඩි එකා එතනදිම ඒක කඩල කන්න පටන් ගත්ත. ඇය ජීවත් වන පොල් අතු පැල දැකල මගෙත් හදවත පිච්චිල ගියා. මම අැයට අඬගැහුව. කඳුලු බේරෙන ඇස් දෙකෙන් ඇය ඇයි කියල ඇහුව. මම කාර් එකෙන් බැහැල ඇයගෙ ළඟට ගියා. හොඳටම ළඟට ගියා. ඇගේ සුසුම් මගෙ පපුවෙ වදින තරමට ලං උනා. ඇත්තටම ඇය බය වෙලා ඉන්නෙ කියල ඇගේ පපුවෙ සද්දෙන් මට තේරැනා. සාක්කුවට අත දැමූ මම පසුම්බිය රැගෙන එහි තිබූ සියළු මුදල් නෝට්ටු ටික ඇගේ අතේ තබා ඇගේ ඇඟිලිවලින්ම ගුලි කරවා ආපසු හරැනේ නැවත ඇගේ මූණ නොබලන ලෙසයි. කාර් එකේ දොර අරින්නට ප්‍රථම ඇගේ මුහුණ බැලීමට ඕන උනත් අහක බලාගෙනම මා එතැනින් නික්මුනේ ඇසේ කොනක සිරවූ කඳුලක් පිසදමමින්.
______
සුමා 2016-01-23

Friday, January 22, 2016

තරැණ කාලේ ඔහු ගමේ වීරයෙකි
සටන් මැද ගසා පොල් අඩි
ගෙදර ගෑනිට මහ කරදරයකි
ගසා එන විට ගල් අඩි

මසකට දිනක් නිවස සුර පුරයකි
ඔහුට ලැබුන විට මාසෙ පඩි
පුංචි පැටවුන්ටත් සතුටකි
උන්ට ලැබුන විට තෑගි මිටි

දිවිය සෙමින් ගෙවී ගිය සකි
නැත කිසිවෙකු දැන් ලඟින් සිටි
අවසන උදව්වට සැරමිටියකි
නැගුමට පංසලේ ගල් පඩි
_________
සුමා
2016-01-22

Thursday, January 21, 2016

සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..
______________
එදින බස් එකේ සෙනග ගොඩක් පිරිච්ච දවසක්. බාල මහළු කාන්තා ආදී විවිද පුද්ගලයන් පිරිල තමා ඉන්නෙ. ඒ අතරෙ බොහොම අමාරැවෙන් පොඩි රෙදි කෑල්ලකින් විලි වසාගත් තරැණියොත් ඉන්නව. ඒ වගේ හිටපු තරැණියක් ගාවින් මහ නොසන්ඩාල පෙනුමක් තියන අමුතු විදිහෙ තරැණයෙක් අවිල්ල හිට ගත්ත. තරැණිය වෙත යම් මදහසක් පාපු තරැණය බිම බලාගෙන ටික වෙලාවක් හිටිය. ටික වෙලාවකින් තරැණිය අර මනුස්සය දිහා බැලුව. ආපහු ටික වෙලාවකින් පොඩ්ඩක් තරහින් වගේ බැලුව. තවත් විනාඩි කිහිපයක්න් තරැණියගේ වීනීත කට අසාධාරණය වෙනුවෙන් නැගී හිටිය.
" මම දැන් කොයි‍ෙ වෙල් ඉදන්ද මේ විකාර බලාෙගන හිටිෙය. පලෙවනි පාර කකුළ පෑගුනාම හිතුෙව වැරදිල කියල. ඒත් තමුසෙ දෙවනි පාරත් කකුළ පෑගුව. මං ඒ වෙලාවෙත් තමුසෙට සමාව දුන්න. එත් තමුසෙ ඒක සෙල්ලමකට ගත්තද වනචරයො. තේ හිතුවද තුන්වෙනි පාරත් කකුළ පාගපුවාම තොට මම සමාව දෙයි කියල. ඈ බොල. තොපිල වගේ වනචර හැත්ත නිසා තමයි අපි වගේ කෙල්ලන්ට පාරකවත් බැහැල යන්න බැරි. තොපිල වගේ කාළකන්නි මොකට ජීවත් වෙනවද මංද මැරිල යන්නෙ නැතුව. තොපිලටත් අම්ම කෙනෙක් ඉන්නව නේද. මේ වගේ බලු වැඩ කරන්න ලැජ්ජ නැද්ද බල්ලො. තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''
ආදී වචන වලින් ඇගේ මුව අසාධාරණය වෙනුවෙන් විවර විය. අසල සිටි ඇතමෙක් තුස්නීම්භූත වී සිටි අතර සමහර පුද්ගලයින් කෙල්ලගේ වීර ක්‍රියාව ගැන කථා වෙයි. ඒ අතර තවත් සමහරෙක් අර මනුස්සයාට ඔරවන රවන ගොරවන් අතර ඔහුගේ වනචර ක්‍රියාව ගැන විවේචනය කරයි.
එහෙත් කකුළ පෑගූ මනුස්සය වරද තමාගේ යැයි බාර ගෙන නිහඩව සිටියේය. සමහරැන්
''පේනව නේද මූ වනචර වැඩ කරල දැන් සද්ද නැතුව ඉන්න හැටි. නොදකින් මූසලය''
කියල බනිනව. ඒ සියල්ල ඉවසා විද දරා සිටි පුද්ගලයා තමාට අදාල බස් හෝල්ටි එකේදී බස් රථයේ බෙල් එක ගසමින් බස් රථය නැවැත් වීය. ඉන්පසු බස් රථයේ සිටින සියලු දෙනාගේ ගෙරවීම් මැද බොහොම අමාරැවෙන් බස් රථයේ දොරටුව වෙත ඇදුනු ඔහු කොන්දොස්තර වෙත මුදල් දී, ඇද සිටි සරම දණහිස තෙක් උස්සා කොර ගසමින් ෆුට් බොඩ් එකෙන් බැස ගන්නා ලදි.
බසයේ සිටි සියලු දෙනාම ඔහු කෙරෙහි අවදානයෙන් සිටි හෙයින් ඔහුගේ එක් පාදයක් නොමැති බවත්, ඒ වෙනුවට කෘතිම පාදයක් සවි කර ඇති බවත් දැක්ක.
බස් රථයේ පිටිම පස්සෙ සිටියෙ මගියෙක් තම හඩ නැගුවේ ඔය අවස්ථාවේදීය.
ඔය මනුස්සය ඉස්සර හොදට කකුල් දෙකෙන් අවිද්ද. හමුදාවට බැදුනට පස්සෙ උතුරෙ යුද්ධෙ කරනකොට බෝම්බයකට අහු වෙලා තමයි එක කකුලක් නැති උනේ.
එය කියනවාත් සමගම බස් රථයේ සිටි සියළු දෙනාගේ නෙතට කදුලක් ඉනූ අතර බැණ වැදුන තරැණිය ඉකි ගසමින් හඩන්නට විය.
බස් රථයෙන් බැස සිටි රණවිරැවා මෙසේ කියන්නට විය
'ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''
_______________
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා
නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..
__________________-සුමා-_____________
කවිය
---------
කවියක් ලියන්න සුදුසුම මාතෘකාව යොවුන් ප්‍රේමයයි.
මිනිසුන් කැමතිම කවි රාගාධික කවි යි.
වැදගත්ම කවි මව් පිය ගුණ කවි යි.
රාගික කවියට ආස පාඨකයින් ලොවට පවසන්නේ කවියන් සොබාදහම ගැන කවි ලිවිය යුතු බවයි.
පෙම්වතිය කැමතිම කවිය ඇගේ රැව වරැනා කවියයි.
සැමට සෙත් සලසන කවි සෙත් කව් වේ.
දියුණුවට බාධා කරන කවි වස් කවි වේ.
මම ලියන්න කැමතිම කව්ය සුදු නංගි ගැන ලියන කවියයි.
මම සුමුදිත ‪#‎කවි‬ ෂාන්
සොඳුර 
සවන් දෙන්න මා 
හදේ රිද්මයට 
නුඹෙ සියුම් වත
මගෙ පපු මත තබා
රතඹර ඇඟිලි තුඩු මගින්
පිරි මදිනු
සිරස මගෙ
දසන් විදහා සිනහ මතින්
නුඹෙ මුව මතින්
වයන රිද්මයෙන්
පොෂ් ලස්සන කෙල්ලෙකි බසයේ කොනක සිටින
ලස්සන ස්ට්‍රේට් කොණ්ඩයකි පහතට රෑටා වැටුන
හදිසියේම බසයට නැගි මැහැල්ලි ඇගේ නෙත ගැටින
අහෝ පුදුමයකි ඇය බොහෝ වෙලාවක සිට මෙන් නින්දට වැටින
සඳකි නුඹ
රෑ අහසේ
මම තනිව
සිත්තම් කල
ලොවක් එළියෙන්
නිවා සනසන්ට
නුඹට එළිය දෙන
තරැව මම
නදිය නුඹයි
ගගල්පර මත
හැපි හැපී
ලැසි ගමන් යන
නුඹ ඇවිදින්
සැතපෙනු මගෙ
තුරැලෙ සදහට
මහ සයුර මම
අඩ නිරැවත
____
සෘජුව ගලනා දිය කඩිත්තක ලස්සන
ට වඩා හැඩයි ගල් පර වල හැපී ලෙස්සන
බාධක මැද ගැටී පෙණ කැටි දිස්වන
බලනු බොර දිය ගඟ ගලනා ලස්සන
අමාවක දිනට අහසේ මහ ඝන අඳුරැ
පුන් සඳ ඇති විට නොම අහස භියකරැ
වළා නොමැති සඳ නිරැවතිනි එය තනි රෑ
වළාකැටි සහ සඳ ඇති විටයි අහස සිත්රෑ
කාමුක නාරි රැව ඔතා ඇත රෙදි වලින් ලස්සන
ඇතමෙක් යයි මහ මග නිරැවතින් එය අවලස්සන
දුහුල් සේද ඇඳි කත දැක ඇස් දුවයි මගෙ ඉගිලෙන
අඩ නිරැවතටයි පෙනෙන්නෙ ගැහැණියගෙ ලස්සන

Tuesday, January 19, 2016

සමා වෙලා හදා ගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න
____________
එදා උඹ පොඩි කෙල්ලෙක්. මගෙ හිත බැඳුනෙ උඹේ හුරතල් හිනාවට. ඒ හිනාව දිගටම තියෙන විදිහට රකින්නයි මට ඕන උනේ. ඒත් උඹ මට වඩා ගොඩක් බාලයි. මම රස්සාවක් කරනකොට උඹ තාම ඕලෙවල් ලියනව. කමක් නෑ කෙල්ලෙ ආදරේට වයස සීමාවක් නෑ.
ඔය අතරෙ තමා උඹේ තාත්ත කොස් ගෙඩියක් කඩන්න ගිහිල්ල ගහෙන් වැටිල නැති උනේ. එදා ඉදන් උඹලට බොහොම අමාරැ කාලයක් උදා උනේ. දැන් උඹව බලා ගන්න ඉන්නෙ අම්ම විතරයි. අම්මත් බොහොම අසනීපයි. ඒත් උඹට උගන්නන්න ඕන හින්ද ලණු අඹරන රස්සාවක් කරන්න ගත්ත. ඒක කරන්නත් බෑ කොන්දෙ අමාරැව හැදිල.
උඹ මට ගෙදර ප්‍රශ්න ගැන හැම වෙලේම කියෙව්ව. මමත් පොඩි රස්සාවක් කරන හින්ද අතේ මිටේ කීයක් හරි ඉතුරැ වෙලා තියනව. ඉතිං මං උඹට පුළුවන් විදිහට සල්ලි දුන්න. මෙච්චර සල්ලි කොහෙන්ද කියල උඹේ අම්ම අහනකොට ඇයි නංගි මම දුන්න කියල කිව්වෙ. උඹේ අම්මා කියන කතාව ඇත්ත මම ටිකක් බොනව තමා. එත් මගේ හිත හොඳයි කියල උඹලගෙ අම්ම දන්නෙ නෑ. උඹලගෙ අම්ම හිතාගෙන ඉන්නෙ පොඩ්ඩක් බිව්වාම මං සල්ලාලයෙක් කියල. මං දූෂකයෙක් කියල. ඒත් උඹ දන්නව නංගි මං එහෙම නෑ කියල. ඒත් උඹට බැරි උනා අම්මට ඒක තේරැම් කරල දෙන්න. ඒකට කමක් නෑ නංගි මං උඹට හැමදාම ආදරෙයි. ඒත් ගමේ පැතිරෙන කට කතා හින්ද මං උඹට ලං වෙන එක නැවැත්තුව. ගමේ එවුන් කියන්නෙ මං උඹේ ලස්සනින් අයුතු ප්‍රෙයා්ජන ගන්නව කියල. ඒත් උඹ දන්නව මම එහෙම නෑ කියල.
කොහොම හරි උඹ ඕලෙවල් විභාගෙත් ලිව්ව. ඒ ලියල අන්තිම දවසෙ තමා උඹලගෙ ගෙදරට කණ කොකා හැඬලුවෙ. මහ රෑ පොල් ගෙඩියක් ලෙලි ගහන්න ගිය උඹේ අම්ම පොළඟෙක් ගහල අවසන් ගමන් ගියා. උඹලගෙ අම්මගෙ අවසන් කටයුතු ඉවර වෙලා හත් දවසෙ දානෙ දෙන දවස වෙනකන් මං නිදි මැරැව. හැම වැඩක්ම කලා. උඹ එදා ඇවිල්ල අයිය ගිහිල්ල නිදා ගන්න වැඩකරන්න තව කට්ටිය ඉන්නව කිව්ව. ඒත් මට මදි මං හිතුවෙ මේ අපේ ගෙදර කියල. ඒකයි මං හැම වැඩක්ම හොයල බලල කරේ. කොහොම හරි හත් දවසෙ දානෙත් දුන්න. දැන් වැඩ කටයුතු සේරම ඉවරයි. එදා අන්තිම දවසෙ රෑ මම නිදා ගත්තෙ උඹලගෙ ගෙදර. එදා කව්රැවත්ම ගෙදර හිටියෙ නෑ. උඹයි මමයි විතරයි ගෙදර හිටියෙ. එත් උඹ වෙන පැදුරක මම වෙන පැදුරැ කඩමල්ලක. මම දැක්ක උඹ දුහුල් රෙද්දක් අැඳගෙන නිදා ගන්නව. ඒත් ඔයා තාම පොඩි කෙල්ලෙක්. මගෙ හිතට විවිද හැඟීම් ආව ඒත් මං ඒව සේරම යටපත් කර ගත්ත. හෝරාවකින් උදෑසන දවස උදා උනා. මම නැගිටිනකොටම ඔයත් නැගිටල දොර ඇරිය.
අහෝ පුදුමයකි. පෙර දින මම උඹේ ගෙදර රාත්‍රිය පහන් කරන බව දැනගත් ගැමියන් පිරිසක් උඹලගෙ ගේ ඉස්සරහ. උන් හිතන්නෙ මම උඹත් එක්ක සංවාසයේ යෙදුන කියල. එත් නංගි අපි දෙන්නගෙ හිත දන්නව මොනවද උනේ කියල. ඒත් එක්කම තමා මට පණිවිඩයක් ආවෙ ම වැඩ කරන තැනින්. ඒ ලොක්කත් එක්ක සතියකට පිට යන්න වෙනව කියල. මම නංගිට ඒ බව කියල පිටත් උනා. මම සතියක් ගොඩක් දුක් විඳල නැවත ගමට ආවෙ නංගිව බලන්න හිතාගෙන. ඒත් නංගි හිටපු පොල්අතු ගේ හොයාගන්නවත් නෑ. මම ගොඩක් කලබල උනා. ගමේ උන්දැලගෙන් අහපුවාම උන් මට එරෙව්ව එක විතරයි කලේ. ඔය අතරෙ තමා මට මගෙ කුඩා කාලෙ ඉඳන් යාළුවෙක් හම්බ උනේ. ඌ මට සේරම විස්තරේ කිව්ව.
උඹ ගිහිල්ල දවස් තුනකින් අර කෙල්ල උදේම වමනෙ දාල. ගම්මු ඒක දැකල කෙල්ලට හොඳටම බැනල. ඒකි හොඳටම ඇඩුවලු. ගමේ තවත් කුපිත වෙච්ච පිරිසක් ඒ කෙල්ලව ගමෙන් පැන්නුවලු. පන්නල ගේ ගිණි තිබ්බලු. ඒත් පස්සෙ තමා දැනගත්තෙ මචං ඒ කෙල්ල වමනෙ දාන්න කලින් දවසෙ කාපු බත් එකට භූමිකෙල් වැටිල කියල. ඒකයි ඒකිටවමනෙ ගිහිල්ල තිබ්බෙ. ඒත් ඒව දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. එතකොට කෙල්ල කොහෙ ගියාද කියල කව්රැත් දන්නෙ නෑ.
එය කියනවාත් සමග මගේ ඇසේ කඳුලු වැටුනේ මටත් නොදැනීමයි. මම පිස්සෙක් වගේ හැසිරැනේ. මම හැම තැනම උඹව හෙව්ව ඒත් හම්බ උනේ නෑ. දවස් ගනන්, සති ගනන්, මාස ගනන් ගත උනා.
අවුරැදු එකහමාරකට විතර පස්සෙ මම වැඩ කරන තැන වෙනස් වෙලා දුර පලාතකට ගියා. බොහොම දුෂ්කර පලාතක්. දවසක් දා මම වැඩ කරන ගමන් බොහොම සුන්දර දර්ශනයක් දැක්ක. ඒ භික්ෂුනීන් වහන්සේලා පිඩුසිඟා වඩිනව. මමත් මගෙ දවල් කෑම ඒක අරන් ගිහිල්ල පිටිම පස්සෙ මෙහෙනින් වහන්සේට දීල වැන්ඳ.
" සුවපත් වේවා! "
එම වදන සාමාන්‍ය වුවත් ඒ කට හඬ මට හොදට පුරැදුයි. ඇය භික්ෂුනියක් වුවත් මම කෙලින්ම බැලුවෙ ඇස් දෙක දිහා. ඒ ඇස් හොඳට පුරැදුයි. ඔව් ඒ මම පෙම් බැන්ද නංගි. ඇය දැන් භික්ෂුනියක්. ඇය බිම බලාගෙන නැවත සක්මන් ගමනින් වැඩියේ මගේ සිතට කඳුලක් මෙන්ම සිනහවක් සමග සතුටක්ද එක් කරමින්.
_____
සුමා
______
සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න

ඔබේ සිතට පිටු පලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි උනා කසාවත මට

කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න